බස්නාහිර, වයඹ, උතුර, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවධානාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
වැසි ඇතිවන අවස්ථාවල තද සුළං මෙන්ම ප්‍රබල අකුණු ද ඇති විය හැකි අතර ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර දිස්ත්‍රික්ක 4 කට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්ක සඳහායි.