Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටේ සංවර්ධනය මුලු මුනින්ම ඇණ හිට ඇති බව ගෝඨා කියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වත්මන් රජය බලයට පැමිණිමත් සමග රටේ සංවර්ධන කටයුතු  මුලු මුනින්ම ඇණ හිටි බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය නගරයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරිම සදහා මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කර තිබු රැස්විමක් අමතමිණි.

මෙම රැස්විමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මහනුවර දිස්ත්‍රික් පා.ම  මහින්දානන්ද අලුත්ගමගේ මහතා, එස්.බි දිසානායක මහතා , ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ,ප.ම උදය ගම්මපිලම මහතා , පා.ම වාසුදේව නනායක්කාර මහතා, උතුරු මැද පලාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහතුන්ද සහභාගි විය .

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ රැස්විමට විශාල පිරිසක් සහභාගි විය.

මෙම රැස්විම අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේ.

අපි තමුන්නාන්සේලා වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා, අපි එ වැඩසටහන හදලා තියෙන්නේ මේ රටේ පවතින ප්‍රශ්න විවිධ ක්ෂේත්‍රවල ආර්ථික සම්බන්ධ ප්‍රශ්න, ආරක්ෂා සම්බන්ධ පිලිබද ප්‍රශ්න  මේවා ගැන අපි කතා කරලා විසදුම් හදලා තියෙනවා.

තමුන්නාන්සේලා සමග සාකච්ඡා කරලා තමයි අපි මේ ප්‍රශ්න වලට විසදුම් හදලා තියෙන්නේ, එ අනුව තමයි අපේ ප්‍රතිපත්ති මලාව හදලා තියෙන්නේ, මගේ වගකිම තියෙන්නේ මහජනතාව වෙතට , මේ රටේ රටවැසියා වෙනුවෙන් , මගේ සම්මුතිය තියෙන්නේ තමුන්නාන්සේලා සමගයි , එ  අනුව තමයි වැඩසටහනක්ඉදිරිපත් කරලා තියෙන්නේ.

මම ගැන , මහින්ද රාජපක්ෂ මහතා ගැන, අපේ කණ්ඩායම ගැන  ඔබලා විශ්වාසය තියලා තියෙනවා, අපි අභියෝග ජයගත් කණ්ඩායමක් , මේ රටේ ආරක්ෂාව , ආර්ථිකය , සංවර්ධනය මේ සැම අංශයකම අභියෝග අපි භාරගෙන ජය ගත්තා.

අපි නෙවෙයි මේ රටේ යුද්ධයක් ආරම්භ කලේ , යුද්ධයක් ඇති කරලා අවුරුදු 30 ක් මේ රටට බෙදෙන තත්ත්වයට ගෙනවා, අපේ රටේ ජනතාව මරුමුවට පත්වුණා, සිංහල දමිල මුස්ලිම් බර්ගර් සියළු දෙනාම ජිවිත පුජා  කිරිමත් සමග අපේ ආර්ථිකයත් කඩා වැටුණා.

මෙම යුද්ධය අවුරුදු 30 විවිධ රජයන් යටතේ , විවිධ ජනාධිපති වරුන් යටතේ ඇදි ඇදි එමින් තිබුණා, එත් අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අවුරුදු 2 ½ වැනි කෙටි කාලයකදි ත්‍රස්තවාදය අවසාන කරලා, මේ රටේ සැම කෙනෙකුටම සැම ප්‍රදේශයකටම සාමය ගෙනාවා.

එ නිසා අපිට පුළුවන් වුණා රට සංවර්ධනය කරන්න, අපි උතුර දකුණ නැගෙනහිර සංවර්ධනය කලා, අපි පැහැදිලි දර්ශයක් සමග සංවර්ධන කටයුතු ආරම්භ කලා නමුන් මේ ආණ්ඩුව පැමිණියාට පස්සේ සංවර්ධන කටයුතු සියල්ලම ඇණ හිටියා , එ නිසා මේ සංවර්ධන ව්‍යාපාරවලට සම්බන්ධ වුණ ව්‍යාපාරිකයන් , ව්‍යසායකයින් , කොන්ත්‍රාත්කරුවන් , සැපයුම්කරුවන් සියලු දේනාගේම ව්‍යපාර නැති වෙලා ගියා. එ නිසා සෘජුවම ලක්ෂ 4 පමණ රැකියා අවස්තා නැති වුණා. යනුවෙන් පැවසිය

Scroll to Top