Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු කම්කරුවන්ගෙන් අය කරගත් මුදල් ලබාදෙන ලෙස උද්ඝෝෂන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිපාවලි උත්සව සමය වෙනුවෙන් වතු කම්කරුවනගේ ඉල්ලිමක් මත මාස පතා වතු කම්කරුවන්ගේ වැටුපෙන් අය කරගත් මුදල ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද (23) උදැසන වැඩ වර්ජනය කරමින් වතු පාලන අධිකාරියට එරෙහිව වතු පාලන අධිකාරියට එරෙහිව උද්ඝෝෂනයක නිරත විය.

බගවන්තලාව පොලිස් වසමට අයත් මඩොල්සිම වැවිලි සමාගම යටතේ පාලනය වන කර්කස්වොල් වතුයායේ  වතු කම්කරුවනුයි මෙසේ උද්ඝෝෂනයක නිරත වුණේ.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ මෙමස දක්වා මාස 11 කාලයක් මාසිකව තම වැටුපෙන් රු 1000/= සහ 2000/= බැගින් වතු පාලන අධිකාරිය අය කරගත් බවත්, එම මුදල දිපාවලි උත්සව සමය වෙනුවෙන් සැම වසරකම තමන් යලිත් ලබා ගන්නා බවයි උද්ඝෝෂයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ.

මාස  11 තිස්සේ අයකරගත් මුදලින් මාස 10 මුදලක් පමණක් යලිත් ලබාදෙන බවත්, තවත් මාසයක අය කරගත් මුදල් සම්බන්ධව තමන් සතුව තිබු අදාලා ලිපි ලේකන අස්ථාන ගත වි ඇති නිසා එම මුදල පසුව ලබාදෙන බවටත් වතු පාලන අධිකාරිය මගින් වතු කම්කරුන්ට අද (23) දැනුම් දි ඇත.

උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ තමන්ගෙන් මාස 11 තිස්සේ අය කරගත් මුළු මුදලම එකවර ලබාදෙන තෙක් වතුපාලන අධිකාරිය ලබාදෙන  බවට පොරොන්දු වු  මාස 10 මුදලක පමණක් තමන් ලබා ගැනිමට අකමැති බවත්, තමන්ගෙන් අය කර ගත් මුළුමුදලම ලබාදෙන තෙක් තමන් වැඩ වර්ජනයක නිරතව සිටින බවයි.

දිපාවලි උත්සවය මේ මස 27 දිනට යෙදි ඇත.

Scroll to Top