තමන් ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන පාලකයෙකු නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
කුරුණෑගල – කටුගම්පොල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධාන කළ හමුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.