Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වැස්ස තදයි – වාන් දොරටු විවෘතයි – නාය යෑම් අනතුරු ඇඟවීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තද වැසි සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇත. රාජාංගනය, අංගමුව,තබ්බෝබුව,කුකුළේගඟ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැඳුරු ඔයේ වාන් දොරටු තවමත් විවෘත කර  ඇති අතර ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

කුරුණෑගල, කෑගල්ල, බදුල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදනය කළ නාය යෑම් අනතුරු ඇඟවීම තවමත් වලංගු බවද පවසයි. කළුතර දිස්ත‍්‍රික්කයේ මතුගම, දොඩන්ගොඩ, බේරුවල, කළුතර, හොරණ සහ පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පස් කඳු කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බවද සදහන් කරයි.




වර්ෂා තත්වය තවදුරත් බලාපොරොත්තු විය හැකි බවත්,බොහෝ දිස්ත්‍රික්කවල මිලි මීටර් 100 ඉක්මවු වැසි වාර්තා වෙන බවත්, උතුරු පළාතේ විටින් විට වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර,බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ සිටීමෙන් වැළකීම, කුඹුරු, තේ වතු, ක‍්‍රීඩා පිටි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳීමෙන් වැළකීම, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්‍ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.

 

Scroll to Top