Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාසල් යන්න අකැමැති නිසා කරපු වැඩෙන් පොලිසියත් ගෙන්නයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දියාගෝ වන කුඩා දරුවා සිය අත ඇඳ විට්ටමට තබා මැලියම්වලින් තදින් අලවා ගත්තේ  නිවාඩුවෙන් පසු නැවත පාසල් යාමට දැක්වූ බලවත් අකැමැත්ත නිසාය.

“මාව ඇඳට තියලා අලවා ගත්තොත් ඉස්කෝ‍ලේ යන්න බැරි වෙන නිසා තමයි මම එහෙම කළේ.  නිවාඩුවේ දී මම හුඟක් සතුටු වුණා. මට ඕන ඒ නිවාඩුව තවත් ගොඩාක් දික් කර ගන්න.”

කුඩා දියාගෝ ඒ.එෆ්.පී. පුවත් සේවාව වෙත එලෙස ප්‍රකාශ කර තිබුණි.

දියාගෝ අපූරු උපක්‍රමය නිසා බලවත් අසීරුතාවකට පත් වූයේ ඔහුගේ මවයි. තම දරුවාව ඇඳෙන් ගළවා ගැනීමට ඇය මුලින් යෙදූ උපක්‍රම සියල්ල අසාර්ථක විය. එනිසා සෞඛ්‍ය අංශවල සහ ‍පොලිසියේ සහාය පැතීමට දියාගෝගේ මව වන සැන්ඩ්‍රා පැලාසියස්ට සිදු විය.

පසුව අනාවරණය වූයේ දියාගෝ මේ ඇලවීම් කටයුත්ත සඳහා යොදාගෙන ඇත්තේ සපත්තු ඇලවීම සඳහා භාවිත කරන ශක්තිමත් ගම් වර්ගයක් බවයි.




කෙසේ වුවත් බලවත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව, දියාගෝව ඇඳෙන් වෙන් කරවා ගැනීමට හැකි විය. ඒ අතරතුර කාලයේදී දියාගෝ කාටුන් නරඹමින් සිටි බව මෙක්සිකානු පුවත්පත් වාර්තා කර තිබුණි.

“ඇත්තටම මම දන්නේ නැහැ ඇයි දියාගෝ මේ වගේ දෙයක් කළේ කියලා. එයා බොහොම හොඳ කීකරු ළමයෙක්.”

දියාගෝගේ මව එලෙස ප්‍රකාශ කර තිබුණේ ඔහුව නැවත පාසල වෙත රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේදීය.

Scroll to Top