ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමය එකොලොස් (11) වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද ජාතික කරාතේ තරගාවලිය නාවුක හා ආපදා කළමණාකරන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කරාතේ ශූර එච් එච් චූලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර, රුහුණු විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණ.
සංගමයේ ප්‍රධාන උපදේශක ශිහාන් නිශාන්ත ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර් ජී ජයන්ත, උප ලේකම් දුලංජන චතුරංග, සහ චමින්ද වික්‍රමගේ යන මහත්වරුන් විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට දිවයින පුරා විසිරී සිටින කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 987 දෙනෙකු සහභාගි විය.
කිව් 10/9 කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 352 ක්, කිව් 8/7 කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 254 ක්, කිව් 6/5/4 කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 252 ක්, කිව් 3/2/1 යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 87 ක් සහ කලුපටි කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 දෙනෙකු තරගාවලියට ඉදිරිපත්ව තිබුණි.
වයස අවුරුදු 4/5, 6,7,8,9,10,11,12,13, 14/15, 16/17, සහ 21 ට අඩු හා වැඩි වයස් කාණ්ඩ යටතේ කාතා හා කුම්තේ තරග කාන්තා හා පිරිමි වශයෙන් පැවැත්විණි. සෑම වයස් කාණ්ඩයකම පළමු දෙවන හා තෙවන ස්ථාන ලබාගත් අය සදහා රන්, රිදී, ලෝකඩ පදක්කම් සමග සහතිකපත් පිරිණමන ලද අතර එම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට කුසලාන හා සහතිකපත් ද පිරිණමන ලදී.
වයස අවුරුදු 11 සිට 13 දක්වා කුම්තේ තරග කාන්තා / පිරිමි වශයෙන් වර්ණ පටි කාණ්ඩ 04 ක් යටතේ කිලෝ ග්‍රෑම් 30 ට අඩු 35 ට අඩු 40 ට අඩු සහ 40 ට වැඩි වශයෙන් බර පංති 04 ක් හා තරග ඉසව් 372 ක් යටතේ පැවැත්විණ. මෙහි සෑම බර පංතියකම හා සෑම තරග ඉසව්වකම පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන ලබාගත් අයට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා සහතිකපත් පිරිණැමීමටද කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ජාතික විනිසුරු කරාතේ සම්මේලනයේ විනිසුරන් විසින් මෙම තරගාවලිය විනිශ්චය කරන ලද අතර ඒ සදහා විනිසුරන් 40 කට අධික පිරිසක් සහභාගී විය. ඒ සදහා දකුණු පළාත් විනිසුරු කවුන්සිලයේ සභාපති ආසියානු විනිසුරු ශිහාන් සුදත් නලින්ද, ලේකම් ආසියානු විනිසුරු මහින්ද දහනායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.
මෙම අවස්ථාවට නාවුක හා ආපදා කළමණාකරන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කරාතේ ශූර එච් එච් චූලසිරි මහතා සමග ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමයේ සභාපති ප්‍රධාන උපදේශක ශිහාන් නිශාන්ත ජයවර්ධන, උප සභාපති ජේෂ්ඨ උපදේශක සෙන්සේ එල් ජී ගුණසේන, ලේකම් සෙන්සේ ආර් ජී ජයන්ත, දකුණු පළාත් කරාතේ දෝ සම්මේලනයේ සභාපති ශිහාන් සුසිල් හදුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.