කෙසෙල්ගමුඔය පුළුල් කිරිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය සහ නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය කටයුතු ආරම්භ කර ඇත.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා අවස්තා කිහිපයකදි බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ පහල කොටසේ පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් පසුගිය දා යට වි තිබුණි.
එම වතු නිවාස යලිත් වැසි ජලයෙන් යට නොවිම සදහා ස්ථිර විසදුමක් වශයෙන් කොටියගල වතුයායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතුශාඛාවක් වන කොටියාගල ඇළ කපා පුළුල් කිරිමට පියවර ගෙන ඇත්තේ.
වතු නිවාස ආසන්නයේම ගලා බසිනා කොටියාගල ඇළ මිටර් කිහිපයක් කපා පුළුල් කර වැසි ජලය රිසි සේ පහලට ගලා යාමට කටයුතු කිරිම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරන බවයි නුවරඑලිය ආපදා කලමණාකාර ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.