Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බස් රථයක් කුඩා දරුවෙකු දිවි තොර කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කරන්දෙණිය, කැකිරිස්කන්ද ප්‍රදේශයේදී බස් රථයක වැදීමෙන් අද (22) දහවල් 12.15 ට පමණ කුඩා දරුවෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, කැකිරිස්කන්දේ පදිංචිව සිටි මිහිදුල දුසදු ගිම්සාන් (03) නැමැති දරුවාය.

අනතුරින් පසු පාරේ වැටී සිටි දරුවා ප්‍රදේශවාසීන් දෙදෙනකු විසින් යතුරු පැදියකින් කරන්දෙණිය. බොරකන්ද රෝහලට ගෙන ගොස් තිබෙන අතර අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් දරුවා ගිලන් රථයක් මගින් බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. බළපිටිය මූලික රෝහලේදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මියගිය දරුවගේ හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (23) දින ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මියගිය දරුවගේ වැඩිමහල් සහෝදරයා කරන්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් ඔහු පාසැල ඇරී නිවසට අද 12.15 ට පමණ පැමිණ ඇති බවත් පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. එසේ පැමිණෙන විට දරුවන්ගේ මව නිවසේ නාන කාමරයේ දිය නාමින් සිට ඇති බවත් දරුවා රැගෙන ඒම සදහා මවගේ ඥාති සහෝදරයෙකුගේ පුතෙකු පාරට ගොස් ඇති බවත් කරන්දෙණිය පොලීසිය කියයි.

ඥාති පුත්‍රයා එසේ යද්දී නිවසේ ගේට්ටුව ඇරදමා ගොස් තිබෙන බවත් එම අවස්ථාවේ මියගිය දරුවා පාරට ගොස් තිබෙන බවත් කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ වලදි තහවුරු කර ගෙන තිබේ. මියගිය දරුවගේ පියා කරන්දෙණිය ප්‍රදේශයේ වෙල්ඩින් වැඩපලක් පවත්වාගෙන යන බවද ඔහු අද (22) පෙරවරුවේ වැඩපලට ගොස් තිබී ඇති බවද කරන්දෙණිය පොලීසිය කියයි.

ඥාති පුත්‍රයා පාසැල් ඇරී එන දරුවා රැගෙන එන විට මියගිය දරුවා පාර අයිනේ වැටී සිට ඇති බවද වැඩිමහල් දරුවා පාසැල ඇරී එන බස් රථයේම කුඩා දරුවා වදින්නට ඇතැයි පොලීසිය මෙතෙක් කරන පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙන කරන්දෙණිය පොලීසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ නිලධාරියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Scroll to Top