Aboutceylon Online

බංකොලොත් දේශපාලඥයන් රට පාලනයෙන් ඉවත් වන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන් රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සහ  ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

උන් වහන්සේ එ බැව් කියා සිටියේ 2019-2020 වසර සදහා  ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන්  නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යයාලයේදි රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති සාකච්ඡාවේදි අනුශාසනාවක් කරමිණි.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රොහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.ටි.එස් සුමනසේකර , හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ඇතුළු රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාදස්ථානය ඉලක්ක කර ගනිමින් බංකොලොත් දේශපාලඥයින් කිහිපදෙනෙකු පසුගිය දිනක විද්‍යුත් මාධ්‍යයක් හරහා අගෞරව වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දුම්වැටි අලෙවි කිරිම නතර කිරිමට නල්ලතන්නියේ වෙලද සංගමය එකගතාවයකට පැමිණි අතර ශ්‍රි පාද පරිසරයේ ප්ලාස්ටික් වතුර බොතල් බැහැර කිරිම අවම කිරිම සදහා වතුර බෝතල් ලිටරයකින් ඉහල වතුර බෝතල් පමණක් අලෙවි කිරිමට එකගතාවයක් ඇති කෙරිණ.

ශ්‍රි පාද වන්දනා සමයේ මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතය තහනම් කල අතර පොලිතින් භාවිතය අවම කිරිම සදහා මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් වන්දනකරුවන්ට නොමිලේ ගමන් මල්ලක් ලබා දිමටත් එම ගමන් මල්ල ශ්‍රි පාද කරුණා කිරිමෙන් අනතුරුව යලිත් ලබා ගැනිමේ ක්‍රමවේදයක් අනුගමනය කිරිමටද එකගතාවයක් ඇති විය.

2019-2020 ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පොහෝ දින 12 මස 11 දින ආරම්භ වන බවත්, පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ අවාරයේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ලේ සිට ශ්‍රි පාද මළුව දක්වා 12 මස 10 දින රාජ්‍යය අනුග්‍රහය ඇතිව හැටන් මාර්ගය ඔස්සේත් , රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත් , බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් පෙරහැරවල් තුනක් ඔස්සේ වඩම්මවන බවයි ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් මෙම රැස්විමේදි ප්‍රකාශ කර සිටියේ.

Scroll to Top