ඉන්දියාවේ මුම්බායිහිදී පළමු වතාවට පැවැත්වීමට නියමිත ‘මාර්ග ආරක්ෂා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර ශෙවාග් ආදී ක්‍රීඩකයින් තරගාවලියට සහභාගිවිමට කැමැත්ත පළකොට තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීම උදෙසා ලබන පෙබරවාරි මාසයේ 2 වැනිදා සිට 16 දා දක්වා පවත්වනු ලබයි.
ටෙස්ට් තත්ත්වය හිමි රටවල් නියෝජනය කළ විශ්‍රාමික ක්‍රීඩකයන්ට පමණක් අවස්ථාව උදාවන අතර ඒ වෙනුවෙන් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව පහකි.ඉන්දියා ලෙජන්ඩ්ස්, ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස්, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් ආදී වූ කණ්ඩායම් වේ.