Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

“Carbon Neutral Operations” සහතිකය ලබා ගත් ආසියාවේ ප්‍රථම රෝහල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

Carbon Consulting Company (Pvt) Ltd මඟින් පිරිනමනු ලබන ජාත්‍යන්තරව පිළිගත් “Carbon Neutral Operations” තත්ව සහතිකය නාවික හමුදා මහ රෝහල (කොළඹ) හිමිකර ගැනීමට සමත් වූ අතර, ඊට අදාල සහතිකය නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග විනිශ්චය සහ වලක්වාගැනීම), වෛද්‍ය කොමදෝරු ජනක මාරඹේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කපිතාන් අරුණ වීරසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) අණදෙන නිලධාරි, කොමාණ්ඩර් පුබුදු ගුණසේකර සහ Carbon Consulting Company (Pvt) Ltd අයතනයේ ‍නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම සහතිකකරණයට අදාල වූ ගණනය කිරීම් තිරසාර සංවර්ධනය සඳහා වූ ලෝක ව්‍යාපාරික කවුන්සලය සහ ලෝක සම්පත් ආයතනය සහ ප්‍රමිතකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රකාශිත  ISO 14064-1:2019 ප්‍රමිතිකරණ මිනුම් සහ හරිතාගාර වායු ව්‍යුහය මෙන්ම ආයතනික සහ වාර්තා කිරීම්වලට අදාලව සිදු කරන ලදී.

2018 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) විසින් විමෝචිත කාබන් ප්‍රතිශතය ටොන් 948.22කි. එනම්, ජාත්‍යන්තර වශයෙන් අවම කාබන් ප්‍රතිශතය වශයෙන් පිලිගත් ප්‍රමාණය දක්වා කාබන් විමෝචනය අඩු කිරීමෙන් මෙම තත්ව සහතිකය හිමිකර ගෙන ඇත. තවද, මිට පෙර ආසියාතික රටවල් අතරින් කිසිදු රෝහලක් මෙම සහතිකය හිමිකර ගෙන නොමැති අතර, දැනට ලබා ගෙන ඇති ප්‍රථම රෝහල ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) බවට සනිටුහන් වීය.

Scroll to Top