Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නාකි මනමාලයා ඇණගනි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාසල් සිසුවියක් අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් අවුරුදු 64 හැවිරිදි දෙදරු පියෙකුව  රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆිල්ඩ් දමිල මහ විද්‍යාලයේ 7 වෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවිය සැකකරු විසින් මිට මාස 3 කට පමණ ප්‍රථම අපයෝජනය කල බවටයි හැටන් පොලිසියට ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

අපයෝජනයට ලක් වුයේ යැයි කියන සිසුවිය ගැබ්ගෙන සිටින බවත්, එම සිසුවියගේ ගැබට මාස  තුනක් පමණ වන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

ඇන්ෆිල්ඩ් වතුයායේ එකම වතු නිවාස පේලියක පදිංචි පාසල් සිසුවිය සහ සැකකරු පදිංචි බවත්, එම වතු නිවාස පේලියේ තාවකාලිව ඉදි කර තිබෙන මුළුතැන්ගෙයකදි පාසල් සිසුවියව සැකකරු විසින් අපයෝජනය කල බවටයි හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

පාසල් සිසුවියගේ හැසිරිම් රටාව පිලිබදව සැක සිතු දෙමව්පියව් ඇයව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිසුවිය ගැබ්ගෙන ඇති බවට වෛද්‍යයවරුන් තහවුරු කරගෙන ඇත.

හැටන්පොලිස් බල ප්‍රදේශයේ ගත වු දින කිහිපය තුල අපයෝජනය සිද්ධියන් හයක් වාර්තා වි ඇති බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

Scroll to Top