පවතින වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තර ඇත.
හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි.
ඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 100ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
#weatheralertsrilanka #localweatheralert #weatheralertsapp #howtogetweatheralertsonandroid #weatheralertscap #expiredweatheralerts