Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාවණා කොමලිය සිනාසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 21වෙනි කිලෝමීටර් කනුව අසල මේ ඇල්ල පිහිටා තියෙනවා.ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳල මෙතනට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා.ඉතාම පහසුවෙන් ලඟා වෙන්නට පුළුවන් නිසා ඉතා ඉහල සංචාරක ආකර්ෂණයක් රාවනා ඇල්ලට ලැබිල තියෙනවා. කිරිඳි ඔය තමයි රාවනා ඇල්ලේ මුලාශ්‍රය.

මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් රාවණා ඇල්ල පිහිට තියෙන්නේ.ඒ වගේම මේ දිය ඇල්ලේ උස අඩි 82ක් . ඕවලාකාර සහ අවතල ගල්කුළු මතින් ඇදහැලෙන මේ සුන්දර දිය ඇල්ල රාවනා ඇල්ල වනජීවී රක්ෂිතයේ කොටසක්.

පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන ඇවිත් සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා.

රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙන්නෙත් මේ ඇල්ල කිට්ටුව.වාර්ෂිකව ජීවිත රැසක් බිලිගන්නා තැනක් හැටියටත් මේ ස්ථානය ප්‍රකටයි.මත්පැන් ,පොලිතින් මේ සුන්දර පරිසර කලාපයට ගෙනයන්න එපා.

පරිසරය වගේම ඔබේ ජීවිතයත් අවධානමේ හෙලාවී.

#ravanafallsswimming #ravanafallshistoryinsinhala #walktoravanafalls #ravanafallsdeath #upperravanafalls #ellarocktoravanafalls #ravana fallshotel #ravanaellainsinhala

Scroll to Top