Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර් රථ දඩ කොලය භාෂා ත්‍රිත්වයෙන්ම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන ” මෝටර් රථ වීදි දඩකොලය” හෙවත්  රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන  අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් මේ සඳහා අදාළ අංශ සමඟ  සාකච්ඡා සිදු කෙරුණු අතර  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ “…1951 වසරේදී හඳුන්වා දුන් මෙරට මෝටර් රථ වීදි දඩකොලය මේ වනතෙක් සටහන් වූයේ එක් භාෂාවකින් පමණ යි.

විශේෂයෙන්  උතුරේ පොලිස් නිළධාරීන් දඩකොලය සිංහලෙන් ලියූ විට දඩකොලය ලබා ගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීමේදී අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වුණා. දීර්ඝකාලීන සාකච්ඡා වලින් අනතුරුව ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් යුත් එම ගැසට් නිවේදනය.

නිකුත් කිරීමට හැකි වුණා. ඒ වෙනුවෙන් සහය දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතාටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත්, මෝටර් රථ දෙපාර්තමේන්තුවටත්, ශ්‍රී ලංකා පොලීසියට සහ රජයේ මුද්‍රණාලයටත් ස්තූතිවන්ත වෙනවා…”

මෙම දඩකොලයෙහි විශේෂත්වය වන්නේ භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ සිදු කරන වැරදි  අංකගත කර සිදු කළ වරද අංකයක් ආකාරයට දැක්වීමයි. ඒ අනුව අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හඳුනා ගත හැකිය. මෙය ප්‍රජාතන්ත්‍ර අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේය.

Scroll to Top