Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මේ රටේ වැඩ කරන මිනිහට තැනක් නෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් අධ්‍යාපන කලාපයේ, ඉකුත් වසරේදී අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම 05 වන වසරේ ශිෂ්‍යත්ව විභාගෙය්දී සිංහල හා දෙමළ මාධ්‍යයෙන් උසස් ප්‍රතිඵල පෙන්වූ පාසල්වල විදහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් හා අධ්‍යාපන කාර්යාල සේවකයින් ඇගයීමට ලක් කරමින් හැටන් හයිලණ්ඩ්ස් මහා විද්‍යාලයේදී පැවති උත්සවයක්දී මෛත්‍රී ගුණරත්න මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද කීය.

“ මමහැම තිස්සෙම කිව්වේ ඕනම තීන්දුවක් සද් භාවයෙන් ගන්න. මම ඒක පිටිපස්සේ ඉන්නව කියල. කෙනෙකුට තනියෙන් මේ පළාතේ දුවන්න අමාරුයි. අපිට හැම අංශයේම නායකයෝ ඉන්නව. මේදක්ෂයෝ අනාගතයේදී විදුහල්පතිවරුන් කරන්න ඕන. මේ අයගේ දක්ෂකම් වලට අපි සලකන්න ඕන. මේ රටේ වැඩ කරන මිනිහට තැනක් නෑ.

වැඩ කරන මිනිහට පාඩම් කරන්න, විභාග ලියන්න වෙලාවක් නෑ. වැඩ නොකරන මිනිහට පුලුවන් පොත මේසේ අස්සේ ගහගෙන ඉඳල පාඩම් කරල විභාග ඔක්කොම පාස් වෙන්න. ඒ පාස් උණාට පස්සේ ඒ අයට දෙනවා උසස්වීම්. උසස්වීම් දෙනවානම් දෙන්න ඕන බිමේ වැඩ පාස් කරපු බිමේ වැඩ පෙන්වපු  අයට විතරයි. නැතිනම් කවදාවත් රටක් හැටියට අපට ඉදිරියට යන්න බෑ. බිමේ වැඩ කරල බිම ශක්තිමත් කරල අධ්‍යාපනය ශක්තිමත් කළොත් විතරයි අපි ඒක පිළිගන්න ඕන. එසේ නොවුණහොත් කිසිම කේෂත්‍රයක් දියුණු කරන්න බැරි බව මම ඉතා වගකීමේන් කියනවා.”

“ වතු කේෂත්‍රය ගැනත් යමක් කිව යුතුයි.ඉස්සර වතු වල පාසල්  සියල්ලම වතු සමාගම්වලින් තමයි පාලනය කළේ. වතුවල තිබුණා දිවා සුරැකුම් මධ්‍යස්ථානය කියල එකක්. ඒක වත්තෙන් පාලනය කළේ. නමුත් දැන් කියන්න කණගාටුයි. වත්ත දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල, වගේම වතු රොහලත් අතෑරලා. දැන් හෙමින් හෙමින් වකුකරයේ ජනතාවත් අතෑරලා යන්න හදනවා. ඒ නිසා වතු සමාගම්වලට කියන්න කැමතියි ඔබතුමන්ලා මේ වතුවලින් විශාල මුදලක් හම්බ කරනවා. විශාල මුදලක් හම්බ කරන්න ඕන නිසා තමයි රජයේ වතු බදු ක්‍රමයට ගත්තේ.

බදු අරගෙන කරල තියෙන්නේ ඒවාගෙන් අවුරුදු 200 ක් 250 ක් පමණ මේ රටේ වතු හා ආර්ථිකය ශක්තිමත් කරපු ජනතාවත් ඔබතුමන්ලා අමතක කරලා යන්න තමයි හදන්නේ. ගරු නවීන් දිසානායක ඇමති තුමාට කියන්න කැමතියි ඔබතුමාගේ පලාත.

ඔබතුමා ඔබතුමාගේ තාත්තගේ අඩි පාරේ යනවා නම්, එතුමා මහවැළිය හැදුවා. මම අහන්න ආසයි ඔබතුමා මොකද්ද කරල තියෙන්නේ කියල? අවුරුද ගාණක් තාත්තගේ පිහිටෙන් මේ පලාතේ මන්ත්‍රීවරයා, වුණා. ඇමතිවරයා වුණා. නමුත් තාත්තගේ නමට කරපු වැඩ ටික කියන්න පුලුවන්. නමුත් පුතාගේ නමට කරපු වැඩක් පේන්න නෑ කියල මට කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.”

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඕ.පී.ටී.කේ.ඒකනායක, හැටන් කලාප අධයාපන අධ්‍යක්ෂ පී.ශ්‍රීධරන් යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

Scroll to Top