Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩෙංගු කීටයන් බෝ කළ 13කට නඩු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හෙම්මාතගම පොලිසියෙ ප්‍රජා පොලිස් ඒකකය හා මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව හෙම්මාතගම නගරය පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදි.

වැසි සමයත් සමග ඩෙංගු මදුරුවන්ගේ වැඩි බෝවීමක් සිදුවිම හේතුවෙන් හෙම්මාතම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනක මහතාගේ මූලිකත්වයෙන් නගරයට අයත් ගිනිහප්පිටිය බටහිර හා නැගෙනහිර වසම් දෙක මූලික කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර එහිදී නගරයේ නිවාස හා කඩ සාප්පු 84ක් පමණ පරීක්ෂා කල අතර ඩෙංගු කීටයන් බෝවීමට හැකි ස්ථාන පවත්වාගෙන ගිය 13 දෙනෙකුට මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කරන ලදි තවද ඇතැම් පුද්ගලින් ස්ථාන පරික්ෂා කිරීමෙදී එම ස්ථාන පිරිසිදු කිරීමට කලන් දැනුවත් නොකල බව පවසමින් විරෝධය පෑමද දැකගැනීමට ලැබිනි.

හෙම්මාතගම පොලිස් සථානාධිපති පොලිස් පරීක්ෂක ඩී මෙෂාන් ඉන්දුකල සිල්වා මහතාගේ උපදෙස් පරිදි ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති හා නිලධාරීන්ද හෙම්මාතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනක මහතා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සංවර්ධන නිලධාරින් මෙම වැඩසටහනට සහභාගි විය.

Scroll to Top