ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී ආරම්භවිය.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන අතර මෙරට දැවැන්තම හා එකම ඉංජිනේරු තාක්ෂණ ප්‍රදර්ශනය ලෙස එය සංවිධානය කෙරේ.
තිරසර ශ්‍රී ලංකාව දෙසට නව්‍ය ඉංජිනේරු විද්‍යාව” මැයෙන් මෙවර ප්‍රදර්ශනය තෙදිනක් පුරා කොළඹ සරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත් වේ.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය ටී.එම්. පල්ලෙවත්ත, ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 කමිටු සභාපති මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.