පසුගියදා නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය පිරිසක් පිළිබඳව මෙක්සිකෝවෙන් තොරතුරු වාර්තා වෙයි.
ප්රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙස බල කරමින් ගොවීන් විසින් ඔහුට එල්ල කරන ලද දෙවැනි ප්රහාරය මෙය වේ.
මේ සිද්ධිය වාර්තා වූ මෙක්සිකෝවේ චියාපාස් (Chiapas) ප්රාන්තයේ ගම්මානයකයි.
පොලිසිය මැදිහත්ව බේරාගන්නා ලද ජෝර්ජ් ලුයී එස්කැන්ඩොන් හර්නැන්ඩස් (Jorge Luis Escandón Hernández) නම් වූ එම නගරාධිපතිවරයාට බලපතල තුවාල සිදුවී නැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් එකොළොස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.