Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාසල්රි ජලාශය වාන් දමයි-කැළණි ගගේ ජල මට්ටම ඉහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය අද (12) අලුයම සිට  වාන් දැමිමට පටන්ගෙන ඇති එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව වාන් දමන බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියි.

කාසල්රි ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් වු විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇති අතර එම ජලාශ දෙකම වාන් දැමිම නිසා කැළණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇති බවයි විදුල බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මවුස්සාකැලේ ජලාශයට පිටාර මට්ටමට ආසන්න වි ඇත.

Scroll to Top