දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග ඇති වූ මහ වැසි නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණාඇල්ල දක්වා කොටසේ ස්ථාන කීපයකට අද(12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩා වැටී ඇත.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් අවධානම් තත්ත්වයක් තවමත් පවතින බැවින් විමසිලමත් රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාදත්මක උපදෙස් දෙයි. රාවණා ඇල්ලේ ජලකද විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඇල්ල ආශ්රිතව දියනෑමෙන් වළකින ලෙසට ද අවවාද කරයි.