ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තම මව් රටේදීම පරාජය වීම විශාල හානියක් බව පකිස්තානයේදී විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වු පුහුණකරු මිස්බා උල් හක් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග කළ ආකාරය පාකිස්තානයට ආදර්ශයක් බව පැවසු මිස්බා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තරගාවලියේ පරාජයේ වගකීම තමන් බාරගන්න බවයි.
පාකිස්තානය විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් තුල පළමු ස්ථානයේ පසුවන ප්‍රබල කණ්ඩායමක් ශ්‍රී ලංකා පිලේ දෙවන පෙළ ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත් වීමෙන් තම කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති බවයි පකිස්තාන බලධාරීන් අවධාරණය කරයි.