මේ රජයේ ණය වලින් 75% ක් රාජපක්ෂ ණය කන්ද ගෙවන්නයි වැය කළේ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති මෙගා මයින්ඞ්ස් වැඩසටහනට සහභාගී වෙමිනි. එම අවස්ථාවට ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගීවිය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපගේ ආර්ථිකය පිළිබඳව අපි කිව්වොත් මේ ආර්ථිකය අද එකතැන පැල්වෙමින් තිබෙන බව අපි සියළු දෙනාම දන්නවා. ඒ මොකද ආර්ථිකයේ පරිවර්ථනයක්, අර්ථිකයේ වෙනස් ගමනක් දැන් ඉතාම අත්‍යාවශයයි මෙයින් අපට ගැලවීමට. අපි මේකට කියනවා මධ්‍ය ආදායම් උගුල කියලා. අපි මධ්‍ය ආදායම් රටක් බවට පත් වුණේ 1998 දී. අවුරුදු 20ක් අපි ඒ තැන හිරවී සිටිනවා. අපි කවදාද දියුණු රටක් බවට ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,000 ඉක්මවූ රටක් බවට පරිවර්තනය වෙන්නේ.
මොකද්ද ඒ සඳහා අපගේ තිබෙන උපාය මාර්ගය. මොකද්ද ඒ සඳහා අපගේ තිබෙන උපක‍්‍රම, මේ රට තුලින් සිදු කර ගත යුතු වෙනස කියන එකයි අපි සංවාද කරමින් සිටින්නේ. ඒ සඳහා අපගේ භෞතික සැලසුම නිවැරදිව සකස් කරගෙන. ඒ වගේම අපගේ මානව ප‍්‍රාග්ධනය නිවැරදිව ආයොජනය කරනගෙන අප සතුව තිබෙන සාපේක්‍ෂ වාසීන් නිවැරදිව කලමනාකරණය කර ගත්ත දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට රට ගමන් කිරීම අවශ්‍යයි කියන එකයි අපේ විශ්වාසය.
අපි කවුරුත් දන්නවා 1977 ට කලින් මේ රටේ ආදේශක ආර්ථිකයක් තමයි අපි කරගෙන ගියේ. සියරට දේ සිරිසැප දේ කියලා රටතුළ යම් යම් දේවල් නිෂ්පාදනය කිරීමට නිර්මාණය කිරීමට අපි කැපවෙමින් කටයුතු කළා. 77 සිට අපි අපනයන අභිමුඛ ආර්ථිකයකට ගමන් කළා. ඒ අපනයන අභිමුඛ ආර්ථිකයේදී අපේ ආරාධනාවට මුල් උනේ, අපි ගාව ලාභ ශ‍්‍රමය තිබෙනවා, ලාභ ඉඩම්, ශ‍්‍රම නීති, ලිහිල් පරිසර නීති තිබෙනවා කියලා ආයෝජකයින්ට ආරාධනා කළා. ඒ වගේම අපට වෙළෙඳපොළ යුරෝපයේත් උතුරු ඇමරිකාවෙත් සකස් උනා.
අපගේ ආර්ථිය 77 ඉඳන් පිම්මේ වර්ධනය උනා. නිෂ්පාදන සාධක ලාභ කිරීම මගින් ආර්ථිකය නිදහස වෙළෙඳ කලාප හරහා ගෙනයන උපාය මාර්ගය තමයි ජයවර්ධන ජනාධිපතිතුමාගේ උපාය මාර්ගය. දැන් මේ උපාය මාර්ගය වැඩ කරන්නේ නැහැ. මේ රටේ තවදුරටත් ලාභ ශ‍්‍රමය නැහැ. අපට වඩා ලාභ ශ‍්‍රමය බංගලාදේශයේ, මියන්මාරයේ, ලා ඕසයේ, වියට්නාමයේ, කාම්බෝජියාවේ අද තිබෙනවා. ඇයි ශ‍්‍රී ලංකාවට ආයෝජකයෝ නොඑන්නේ. මේ රටේ ශ‍්‍රම නීති, කම්කරු නීති ඉතාම ප‍්‍රබලයි. මේ රටේ පරිසර නීති ඉතාම ශක්තිමත්.
මේ වන අද අපට වඩා තරඟකාරී පදනමින් උතුරු ඇමරිකාවේ යුරෝපයේ අපේ වෙළෙඳපොලවල් සෙසු රටවල් ආක‍්‍රමණ කර අවසන්. ඒ නිසා අපගේ ආර්ථිකයේ වෙනසක් අපි ඇතිකර ගතයුතුමයි. ඒ සඳහා අපි යෝජනා කරන අලූත්ම ආර්ථික උපාය මාර්ගය තමයි නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථික උපාය මාර්ගය. අපට පළමුවෙන්ම තිබුණා මුල් යුගය 77 සිට Factor Driven Economy එක නමුත් අපට බැරි උනා මේ Efficiency Driven Economyතත්වයට පරිවර්තනය වෙන්න.
අපගේ විවෘත ආර්ථිකයේ උච්චතම ස්ථානය වසර 2000 බව මතක තියා ගන්න. වසර 2000න් පසුව අපි ක‍්‍රමයෙන් ආපසු යමින් තිබෙන්නේ. අපි දැන් යෝජනා කරනනේ මේ Innovation Driven Economy එහෙම නැත්නම් නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථික උපාය මර්ගයේ යමු කියලා.
මෙතනදී විශේෂයෙන්ම අපි නැවතත් මතක් කර ගත යුතු වෙනවා. පසුගිය කාලයේ කොහොමද මේ ආර්ථිකය ගමන් කරමින් තිබුණේ කියන එක පිළිබඳව අපි කතිකාවක් ඇතිකර ගත යුතුයි. මේකට අපි කියන්නේ බ්‍රදර්නොමික්ස් කියලා. වරිග ආර්ථිකය කියලා කුඩා සහෝදර සමාගමකට ගොඩනැගිච්ච මේ ආර්ථිකය Knowledge Based Economy එකක් බවට පරිවර්තනය කරගැනීමයි අපගේ ඉලක්කය.
අද කොයි තැන්වල නොයෙක් ව්‍යාපාරවල වියතුන් උගතුන් ව්‍යාපාරිකයන් එකතු කරගෙන කතා කළත් මේක අවසානයේ මොකුත් නෙමෙයි මේවා බ‍්‍රදර්නොමික්ස්. එයින් ඔබ්බට දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩගන්න නම් මෙතන රැස්ව සිටින උගත් වියත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිරිසට රටේ ආර්ථිකය භාරදිය යුතුයි කියන එක තමයි සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ ප‍්‍රතිපත්තිය.
අද ණය බර ගැන හුඟ දෙනෙක් කතා කරනවා. ණය බර අතීතයේ ඉඳන් තිබුණයි කියලා. ඞී.එස්.සේනානායක යුගයෙත් ණය වෙලා තිබෙනවා. බණ්ඩාරනායක යුගයේ ණය වෙලා තිබෙනවා. මේ යනාදි වශයෙන් නොයෙක් ආකාරයට ණය බර ගැන කතාවෙනවා. නමුත් අපගේ ණය බරේ සුවිශේෂ වෙනසක් මහින්ද රජපක්ෂ මැතිතුමාගේ කාලයේ සිදුවුණා. ඒක තමයි දිගු කාලීන සහණ ණය වෙනුවට කෙටි කාලීන අධික පොලී සහිත ණය ලබාගෙන ආදායමක් ඉපැදවෙන්නේ නැති තැන්වල ඒවා යොදා ගැනීම.
ඊළඟට කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව තම තමන්ට කැමති ලෙස සංවර්ධනය අසමමිතිකව යොදවා ගැනීම. 2005-2015 අතරේ හම්බන්තොට එක පුද්ගලයෙකුට වියදම් කළ ප‍්‍රාග්ධන ආයෝජනය ලක්ෂ 15 යි. රටේ අනෙකුත් සෑම පුරවැසියෙකුටම එම අවුරුදු 10 තුළ වියදම් කර තිබෙන්නේ රුපියල් 45,000 යි. එතකොට ගමට, පවුලට කෙරුවාව කියන මේ කි‍්‍රයාවලිය එක පැත්තකින් අසමමිතක කෙරුවාවක් වුණා.
අනෙක් පැත්තෙන් ජනතාවට මේ අධික පොලී සහිත මේ සැලසුම් විරහිත කි‍්‍රයාවලිය නිසා අපි දැක්කා සංවර්ධන සුදු අලි නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල්, සම්මන්ත‍්‍රණ නැති සම්මන්ත‍්‍රණ ශාලාවල්, කි‍්‍රකට් නැති කි‍්‍රකට් කී‍්‍රඩාංගන මේ යනාදි දේවල් අපේ ඇස් ඉදිරිපිට අපට පෙන්න පටන් ගත්තා.
ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන ප‍්‍රධාන උපාය මාර්ගික සෑම රාජ්‍ය ආයතනයක්ම විනාශ කළා. විශේෂයෙන්ම රජයට එන ආදායම, දළ දේශීය නිෂ්පාදනයෙන් 10% දක්වා අඩුවෙන තැනට අපගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව පත් කළා. ප‍්‍රධාන බැංකු තුනම ණය කාරයෝ බවට පත් කළා. පාරවල් හදන්න සහ අනෙකුත් කටයුතුවලට. ඒ කියන්නේ වාණිජ නොවන කි‍්‍රයාදාමයට ණය ලබාගැනීම නිසා.
ලංකා විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වරාය අධිකාරිය විශේෂයෙන්ම ගුවන්සේවා සමාගම මේ යනාදි සෑම රාජ්‍ය ආයතනයක්ම විනාශ කළා. මම අභියෝගයක් හැටියට කියනවා අවුරුදු 10 දි රටේ රාජ්‍ය ආයතන 1300 ක් තිබෙනවා රාජපක්ෂ යුගයේ මේ බ‍්‍රදර්නොමික්ස් වලින් හදපු එක රාජ්‍ය ආයතනයක් කියන්න කියලා ඔය 1300 අතුරින්. හැම රාජ්‍ය ආයතනයක්ම පහලින් පහලට ගිහිල්ලා ඒ රාජ්‍ය ආයතනවල පාඩුව ජනතාව තුළ පැටවීම තමයි සිදුවුණේ.
ඒ වගේම මානව ප‍්‍රාග්ධනය වෙනුවෙන් කරන ලද ආයෝජනය, ඒ කියන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට කරන ලද ආයෝජනය පෙර රජයවල් ඉතාම සීග‍්‍රයෙන් අඩුකරලා කොමිස් වැඩියෙන් ලැබෙන තැන්වලට ආයෝජනය සිදුවුණා. ඒ වගේම මේ කොමිස් හරහා විශාල වශයෙන් තමන්ගේ පවුල ධනවත් බලවත් පවුලක් බවට පත් කරන්න කටයුතු කළා.
රාජපක්ෂ පවුලේ පමණක් රාජ්‍ය සේවයේ සහ විදේශ සේවයේ 269 දෙනෙක් සේවය කළ බව මතක තියා ගන්න මේක තුන් හතර දෙනෙක්ගේ වැඩක් නෙමෙයි මේ අය විසින් මේ ආර්ථියේ සාරය තමන් සතු කර ගැනීම සිදු කළා.
මතක තබා ගන්න රාජපක්ෂ මහතා 2005 දී බලයට එනවිට වාණිජ ණය අනුපාතය 5% යි. දැන් එය නැගලා තිබෙනවා 55% ට. මේක තමය අද අපේ ආර්ථිකයේ තිබෙන බලගතුම ගැටළුව වෙලා තිබෙන්නේ. ෆයිනෑන්ෂියල් මාර්කට්වලින් ගනු ලබන ණය 1098% කින් මේ කාලයේදී වැඩිකරගෙන තිබෙනවා. මේ ළඟදි මහින්ද රාජපක්ෂ මහත්මයා අහනවා මේ ආණ්ඩුව බිලියන 20 ක් ණය අරන් තිබෙනවා මොනවද කළේ කියලා. එම බිලියන 20න් 75% ක් ම වැය කලේ ඔවුන්ගේ කාලයේ ගත්ත වාණිජ ණය හා පොළිය ආපසු ගෙවන්න.
මුදල් අමාත්‍යාංශයට අනුව විදේශ ණය ගෙවීමේ කි‍්‍රයාවලිය ඩොලර් බිලියන 2කට ආසන්න තත්වයේ සිට ඉදිරි කාලයේ දී ඩොලර් බිලියන 7ට, එක පාරටම පිම්මක් පනිනවා. මේක හරියට ලස්සන ගෙයක් හදන්න අවුරුදු 3න් ගෙවන්න අධික පොලිය ණයක් ගත්තා වගේ. නමුත් ඒ ගෙට ගත්ත ණය අවුරුදු 3 න් ගෙවන්න බැහැ. ඒ අර්බුදය තමයි මේ රටතුළ අද අපි අත්විඳින්නේ. මේ අර්බුදයට හත දාහතක් කර ගන්න අවශ්‍ය නම් ඊළඟ ජනාධිපතිවරණයේදී එම අඳුරු යුගයට යන්න මේ රටට තීරණය කරන්න පුළුවන්.
2019 අපට ගෙවන්න තිබෙන මූල්‍ය ප‍්‍රමාණය ගත්තහම පොලිය නොවන ණය වල මූල්‍ය ප‍්‍රමාණය ගත්තහම ඒ ප‍්‍රමාණය ඩොලර් බිලියන 4.5 ක්. රජය අරං තිබෙනවා 22.3 ක්. ඒ ගත්ත පැරණි ණයවල අධික පොලී අනුපාතය නිසා ණය දෙගුණ තෙගුණ වෙලා ඉදිරියට ගහිල්ලා. අපිට පෙනී යනවා 2006 ඉඳන් 14ට ගත්ත ණය වලින් 60% ක් ඒ වගේම මේ 2015-16 ගත්ත ණය වලිනුත් සැලකිය යුතු ප‍්‍රතිශත්යක් තිබෙනවා. ඒ ටික ඔක්කොම එකට එකතු කලාට පස්සේ 75% ක්ම තිබෙන්නේ රාජපක්ෂ ණය උගුලේ බර කියන එකයි තිබෙන්නේ. මේවා පැහැදිලි සංඛ්‍යා ලේඛණ, පැහැදිලි දත්ත බව හැම දෙනාම මතක තබාගත යුතු යැයි පැවසීය.