අද (11) පෙරවරුවේ ආරම්භ වූ ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට සාමකාමීව සිදුවන බව ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ කිරීම සඳහා ගොස් සිටි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සදහන් කරයි.
ජනතාව අතර ඡන්දය ප්රකාශ කිරීමට විශාල උනන්දුවක් ඇති බවත් ඉතාම සාමකාමීව ඡන්ද විමසීම සිදුවන බවත් පවසා සිටි කොමසාරිස්වරයා, ජනතාව ඡන්දය දැමීම සඳහා පෝළිම්වල සිටින බව වාර්තාවන බවත් කියා සිටියි.
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේදී මේ වන විට සියයට 40ක ප්රතිෂතයක් ඡන්දය ප්රකාශ කර තිබේ.