ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුමේ කොට්ඨාස 17 ම බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඔවුන් හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්. ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 23 372 කි.
එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ කොට්ඨාස 07ක් පමණි.ඡන්ද සංඛ්‍යාව 10113කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 03ක ජය හිමිකර ගත්තේය.ඡන්ද සංඛ්‍යාව 5273කි.
ජනතා විමුක්ති පෙරමුණ කොට්ඨාස 02ක ජය හිමිකර ගන්නා ලදි. හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 2435කි.
ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වූ අතර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 කි. මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු නොවීම විශේෂත්වයක් බව නිරීක්ෂකයින් පවසයි.