රටේ අනාගතය ගැන තීරණ ගැනීමේ අයිතිය වලව්වක එක පවුලකට දෙනවාද
නැතිනම් එම අයිතිය ජනතාවට දෙනවාද
-
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට බාර දෙනවා.
-
පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය, ගෝත්රිකවාදය, කරපින්නා ගත් නායකත්වයක් අපේ රටට අවශ්‍ය නැහැ.
-
විරැකියාවෙන් පෙළෙන තරුණයින්ට සෑම දිසාවේම කර්මාන්තපුර තුලින් ශක්තිමත් තරුණ පරපුරක්
-
ගොවියන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් නිෂ්පාදනයට සහතික මිලක්
-
කම්කරුවන් කාන්තාවන් හා ධීවරයන් වෙනුවෙන් නව ප්රඥප්ති
-
ශ්‍රී මුඛය කීම මගේ අතින් වූ අත්වැරැද්දක්
– නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා
මගේ කතාවකදී අත්වැරැද්දකින් මට කියවුනා ශ්‍රී මුඛය කියලා මගේ මුඛයට. මගේ අතින් සිදුවුන අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයෙනුත් රටේ ජනතාවගෙනුත් සමාව ඉල්ලනවා. මම මේ වැරැද්ද තේරුම් ගත්තා නමුත් මම හිතුවා සමාව ගත යුත්තේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ කියලා. මගෙන් වූ වරදකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලගට ඇවිල්ලා සමාව ඉල්ලන්න මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැහැ.
දවසින් දවස අපි ජනතා තීන්දුව කරා ලංවෙනවා. රටේ ජනතාවගේ බලාපොරොත්තුව පොදු ජනතාවගේ අනාගතය ද එක පවුලක අනාගතය ද කියලා තීරණය කරන්න වෙනවා. අද රට ඉල්ලන්නේ රට ගොඩනගන නායකත්වයක්ද රට විනාශ මුඛය කරා ගෙන යන නායකත්වයක්ද
පවුල්වාදය, අන්තවාදය, මිලිටරිවාදය, ගෝත්රිකවාදය, කරපින්නා ගත් නායකත්වයක් අපේ රටට අවශ්‍ය නැහැ. මේ රටට වහල්හිමියෝ අවශ්‍ය නැහැ. මම ඔබට පොරොන්දු වෙනවා පොදු ජන හඩ දිනවනවා කියලා.
මේ දශකය අපි අලුතින් හිතන දශකයක් කරා ගෙනියන්න ඕනේ. ලෝකය සමග තරග කරලා අපේ දක්ෂකම් ඉස්මතු කරලා රට දිනවන්න ඕනේ. ලෝකයේ අංක එකට ශ්‍රී ලංකාව පත් කරන්න ඕනේ.
නවතාක්ෂණය, නවඋත්පාදනය තුලින් දිනන රටක් අපි නිර්මාණය කරනවා. මානව හිතවාදි රටක්, නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක්, නිෂ්පාදනය කේන්ද්‍ර කරගත් අපනයන පදනම් කර ගත්ත නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන රටක්, පොදු ජනතාව සුඛිත මුදිත කරන රටක්, සැමට සෞභාග්‍ය උදාකරන රටක්, නිහඩ බහුතරයට තැන දෙන රටක් අපි නිර්මාණය කරනවා.
ඒ වගේම ධනවත් නොවන මහසයුරත්, මහපොලවත් සමග සටන් කරන කම්කරුවන් රාජ්‍ය සේවකයන් දිනවන රටක් අපි හදනවා.
අපේ රටේ, අපේ මාතෘභුමියේ අනාගතය තීරණය කරන්න ඕනේ වලව්වක් ඇතුලේ එක පවුලක් ගන්නා තීන්දු තීරණ මත නොවෙයි. ගම් නියම් ගම් පුරා වෙසෙමින් රට වෙනුවෙන් දහඩිය වපුරන ජනතාව, තරුණ පරපුර කාන්තා පරපුර වෙනුවෙනුයි. පංච මහා බලවේගය අනාගත දැක්මක් ඇති රටේ පයගහලා ජිවත් වෙන පොදු ජනතාවයි රටේ අනාගතය ගැන තීරණ ගන්න ඕනේ. වලව්වක් ඇතුළේ ඉන්න රදලයන්ට ඒ අවස්ථාව දිය යුතු නැහැ.
රටේ මෙතෙක් කල් සිදු නොවුනු සංවර්ධන යුගයක් ඇති වුනා. අපට අවශ්‍ය අපේ මාතෘභුමිය අභිමානවත් සංවර්ධන දේශයක් බවට පත් කරන්නයි. අපේ රටට අපේකම තියෙනවා ගමේකම, නගරයේකම තිබෙනවා. අපේකම රකින සංවර්ධිත රටක් නිර්මානය කරමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.
අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ මොනම ආකාරයකටවත් හොරකමට දුෂණයට වංචාවට ඉඩ තබන්නේ නැහැ.
කව්රුහරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලා ඉන්නවා නම් දුෂණය වංචාව ප්‍රචලිත කරලා අපේ රටේ දේපොල කොල්ල කන්න, කව්රු හරි එහෙම හිතනවා නම් ආණ්ඩු හදන එක පැත්තක දාලා දැම්ම ගෙදර යන්න කියලා මම කියනවා.
අපි රට වෙනුවෙන් කැප කිරිම් කරන්න ඕනේ. නැහැ බැහැ කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න ඕනේ. පොදු ජනතාව කැප කිරිම් කරලා අපව මේ තනතුරුවලට පත් කරන්නේ ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබා ගන්නයි.
පොදු ජනතා ප්‍රශ්නවලට විසදුම් සපයන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් එතනට යන,
පැය 24 ම පොදු ජන සේවයට කැපවෙන පාලන ක්‍රමයක් ඇති කරනවා. අයිතිකරුවන් ලෙස නොව තාවකාලික භාරකරුවන් ලෙසයි අපි කටයුතු කරන්නේ. රටේ ඒකීයභාවය ජනතා පරමාදිපත්‍ය කුලමල පන්ති භේද නොතකා ජනතාව රකින්න අපි පනටත් වැඩිය කැපවී සිටින බව කිව යුතුයි.
මේ රටේ තරුණ පරපුරේ සේවකයා වෙන්න සජිත් ප්‍රේමදාස කැමතියි. තරුණ පරපුර මාරුවෙන් මාරුවට අපහසුතාවයට පත් වෙනවා. ඇදුමින් මෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන්, නව තාක්ෂණයෙන් ශක්තිමත් ඉදිරියට යා හැකි තරුණ පරපුරක් බිහි කරනවා.
අලුත් ගමනක් යන තරුණ පරපුරක් ඇති කළ ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කරනවා. තරුණ ප්රඥප්තියක් අපි ඇති කරනවා. අපි ඊට නෛතික ශක්තියක් ලබා දෙනවා. මේ රටේ තරුණ පරපුරට කිසිවෙක් පස්සේ යන්න මේ අනපනත් සම්මත වෙන කොට අවශ්‍ය වෙන්නේ නැහැ. තරුණ පරපුර ශක්‍රිය කොටස්කරුවන් බවට මේ නෛතික පදනමත් සමග ඇති වෙනවා. විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන් වෙනුවෙන් කර්මාන්ත පුර ඇති කරනවා.
කාන්තා පරපුර ඒ මාතෘත්වය පුජනියත්වයෙන් දේවත්වයෙන් ඒ තැන ලබා දෙනවා. විදේශ විනිමය උපයා අපේ කාන්තාවන් ලබා දෙන ශක්තිය අමතක කරන්න බැහැ. අග්රවිනිශ්චයකාරවරියක්, අගමැතිවරියක් ජනාධිපතිවරියක් පත් වුනා. කාන්තා ප්රඥප්තියක් නිර්මානය කරලා සමාජ ගිවිසුමකට එලැබිලා. කාන්තාවට හිමි ආර්ථික, සමාජිය මානව අයිතිවාසිකම් ශක්තිය වගේම 24 පැයේම ආරක්ෂාව ලැබෙන තත්ත්වය අපේ නව රජයෙන් ඇති කරනවා.
රටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ප්රඥප්තියක් හදනවා. ගොවි ජනතාව වෙනුවෙන් එදා වේල පොරොන්දු දෙන්නේ නැහැ. මේ රටේ ගොවි පරපුර වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා. ගොවියාට ලබා දෙන හැම සහනයක්ම ලබා දීලා ගොවි පරපුරේ නිශ්පාදනයට සහතික මිලකුත් ලබා දෙන්න කටයුතු කරනවා.
ධිවර ජනතාව වෙනුවෙන් ධි්වර ප්රඥප්තියක් හදනවා. වැඩකරන ජනතාව වෙනුවෙන් ඔවුන්ට අගතියක් නොවන ආකාරයට අපි කටයුතු කරනවා. පොදු ජනතාව වෙනුවෙන් සැබෑ කම්කරු ප්රඥප්තියක් හදනවා.
ජාතික ආරක්ෂාව කියන ප්රශ්නය හැමටම තියෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න එහි වගකිම දෙන්න ඕනේ සෝබන කාරයන්ට නොව ඇස් දෙකටම යුද්ධය ජයග්‍රහණය කරන්න කැප වුනු ඒ නායකයාටයි. ඒ නිසා ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම සරත් ෆොන්සේකාට බාර දෙනවා.
සරත් ෆොන්සේකා මැතිතුමා කාඩ්බෝඩ් වීරයෙක් නොවෙයි එතුමා රට දිනවපු ත්‍රස්තවාදය නිමාකරපු මහපොලොවේ සැබෑ වීරයෙක් . පුද්ගලික වාද බේද අවශ්‍ය නැහැ මම උත්සාහ කරන්නේ සැබෑ වැඩකාරයෝ එකට එකතු කරලා රට ගොඩනගන්නයි. සරත් ෆෙන්සේකා මැතිතුමා ඉෂ්ඨ කළ සේවය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැලකුවේ සරත් ෆොන්සේකාට ජම්පර් අන්දලයි. මම මේ රටේ දේශපාලනඥයෝ කාටවත් ඡම්පර් අන්දන්නේ නැහැ. එය කරන්නේ අධිකරණය මගිනුයි.
නුතන ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්නට අවශ්‍ය ආකාරයට අපි කටයුතු කරනවා. මොනම ආකාරයකවත් ත්රස්තවාදයක් ඇති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. සරත් ෆොන්සේකා මැතිතුමාට කුඩු ජාවාරම් කාරයන්ගෙන් රට නිදහස් කර ගැනීමේ වගකීමත් තියෙනවා.
මිනිස්සු මරනවට මම අකමැති පුද්ගලයෙක් පාසැල් දරුපරපුර ඊසි කෑෂ් ක්‍රමය හරහා දරුවන්ව මේ ව්‍යසනයට අත්පත් කර ගන්න පුද්ගලයෝ හිරේට ගියාට පස්සේ ඔවුන්ට උපරිම දඩුවම ක්‍රියාත්මක කරන්න මම පැකිලෙන්නේ නැහැ.
ජනතාවට අධික බදු බරක් තිබෙනවා. අනාගතයේ මේ රට ගොඩ නගද්දි ප්රවීනයන්ට විශේෂඥයින්ට අපි ඒ වගකීම පවරනවා. මේ රටේ ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන තැන්වලට දේශපාලන පත්වීම නොව හැකියාවට තනතුරු දෙන තත්ත්වය ඇති කරනවා. මේ ප්‍රවීනයන්ගේ දක්ෂතා කුසලතා මත නව ආර්ථික ක්‍රමවේදයක් ඇති වෙනවා.
සමෘද්ධි ව්‍යාපරය අපි තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව තවත් දුගී දුප්පත් ජනතාවට දුප්පත්කමින් කාලවකවානු තුළ මිදෙන්නට අවශ්‍ය තත්ත්වයක් ඇති කරනවා. අලුත් ගමනක්, අලුත් දර්ශනයක්, අලුත් චිනත්නයක්, අලුත් නායකත්ව පරපුරක් තුලයි අපි ඉදිරියට යන්නේ.
අනාගත රජයේ සාමාජිකයන් පඩි ලබන පුද්ගලයින් හැටියට නොව ජනතාව වෙනුවෙන් කැප වෙන දුක් විදින සේවකයන් ලෙස ජනතාව පතුලට ගොස් සේවය කරන කණ්ඩායමක් ලෙසයි කටයුතු කරන්නේ.
මම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාජ ධර්මයන් අනුව රට පාලනය කරන්න කටයුතු කරනවා. ශිෂ්ඨ සම්පන්න ඒකීයභාවය සුරැකෙන ජාතික ආරක්ෂාව රැකෙන නව ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරනවා.
බුද්ධ ශාසනය ගැන හැමෝම කතා කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටුවලා බුද්ධ ශාසන අරමුදල පිහිටවුවේ මගේ පියාණන්. රටේ දහම් පාසල්වටල ආධාර කරලා යුක්ති ගරුක ගුණ ගරුක සමාජයක් හදන්න කටයුතු කරනවා.
චෛත්‍ය රාජයාණන්වහන්සේලා නැති විහාරස්ථාන 1125 අධික විහාරස්ථනවලට චෛත්‍ය රාජයාණන් හදා සැබෑ බෞද්ධකම ක්‍රියාත්මක කරනවා. අලුත් ගමණක්, අලුත් දර්ශනයක්, අලුත් මුහුණු සමග යන ගමනක්, ජනතාවාදි ගමනක්, ප්‍රගතිශිලි ගමනක්, ශිෂ්ඨ සම්පන්න ගමනක් තමයි අපි යන්නේ.
රටට අවශ්‍ය භීතියද – සතුටටද, රටට අවශ්‍ය අවනීතියද – නීතියද, රටට අවශ්‍ය හිංසාවාදිත්වය – අවිහිංසාවාදීත්වයද, රටට අවශ්‍ය අයුක්තියද – යුක්තියද, රටට අවශ්‍ය පිඩාවද – නිදහසද, රටට අවශ්‍ය පවුල් සංවර්ධනයද – රට සංවර්ධනයද කියලා ප්‍රශ්න කරන්න ජනතාවට කාලය ඇවිල්ලා තියෙන්නේ.
ජනාධිපති ජයග්රහණයෙන් පසු ශක්ති සම්පන්න තේජස් නායකත්වයක් ලබා දෙන්න මම ලැහැස්තියි. විරුද්ධවාදියාට අපේක්ෂකත්වය ලැබුණේ පිගානේ තියලා. මට එය ලැබුනේ මගේ තේජස්කමින් දුක්කම්කටොලු මැදින් ගිය ගමනකට පසුවයි. එම නිසා අපේම තේජවන්ත ශක්තිමත් ශ්‍රීලංකාවක් හදන්න ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.