ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයින් ඉදිරිපත්වී ඇත. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 53384කි.
ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 155 දෙනෙකුගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්රථිඵලය අද(11) රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සඳහන් කරයි.