ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණය අද(9) දිනයේ ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.
පක්ෂයේ අවසන් තීරණය ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇත. පෙරවරු 10.00ට නිදහස් පක්ෂ මුලස්ථානයේදී පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බව වැඩිදුරටත් සදහන් කරයි.