මේ මස 27වෙනිදා ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ඇත්තේ ජ්‍යෙෂ්ඨයින් යැයි කියන කණ්ඩායමේ ක්‍රීඩකයින් තුනකට හෝ හතරකට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි.
ඔස්ට්‍රේලියානු සංචාරයේ නායකත්වය ලසිත් මාලිංග වෙත පැවැරෙන බවත්, පාකිස්තානයේදී දක්ෂතා දැක්වූ තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා හිමිවනු ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය. ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම මේ මස 11වැනිදා සිදු කරයි.
පාකිස්තානයේදී මෙම තරගාවලිය ආරම්භවීමට පෙර තේරීම් කමිටු සභාපතිවරයා සංචාරයට සහභාගී නොවී සිටි ක්‍රීඩකයන් තමන්ගේ අවස්ථාව තරුණ ක්‍රිඩකයන්ට නිකම්ම ලබාදීම යම් අවදානමක් බව කලින්ම අවධාරණය කර සිටියේය.