Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා පාකිස්ථාන අවසන් T20 තරගය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පන්දුවාර විස්ස තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.00ට ලාහෝර් හි ගඩාෆි පිටියේදී තරගය පැවැත්වීමට නියමිතයි.

අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් ලබාගැනීම උදෙසාය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගත හොත් ඔවුන් පන්දුවාර 20 පූර්ණ කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කරන පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනු ඇ‍ත.

පළමු තරගයේදී ලකුණු 64ක ජයකුත් දෙවැනි විස්සයි 20 තරගයෙන්  ලකුණු 35කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  අද තරඟය ලකුණු කීයකින් ජයගනියිද යන්න ප්‍රේක්ෂකයින් බලා සිටියි.

අද තරගයේදී අලුත් ක්‍රීඩකයන් කිහිප දෙනකුට අවස්ථාව ලබාදීමට සූදානමින් සිටීන බවද සදහන්වේ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ භානුක රාජපක්ෂ

 

“ මා හුඟක් දෙවියන් කෙරෙහි විශ්වාස කරනවා. එහෙම ලොකු විශ්වාසයකින් තමයි මා පාකිස්තානයට ආවේ. මට මේ අවස්ථාව ලබා ගැනීමට වසර 10ක් බලා ඉන්න වුණා. ඒත් හරි වේලාවට මට තැන ලැබුණා. තරගාවලිය ජයග්‍රහණය කිරීමත් මගේ දක්ෂතා ගැන බැලීමත් අනුව සියල්ල නිවැරදි වේලාවට වූ බව හිතනවා“ යනුවෙන් පැවැසීය.

 

“ අපි හැම තිස්සේම කතා කළේ මේ තරුණ කණ්ඩායමේ දක්ෂතා අනුව තරග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලයි. ලෝකයේ හොඳම විස්සයි 20 කණ්ඩායම පරාජය කරන්න අපට හැකිවීම විශේෂයි. ලාහෝර්වලදී මේ දක්ෂතා දක්වන්න අපේ මව්පියන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබුණා. ඒ නිසා නිදහසේ දක්ෂතා දක්වන්න හැකිවුණා. අපේ තරුණ කණ්ඩායම හමුවේ පාකිස්තානය ඔවුන්ගේ තැන රැක ගන්න හැමවිටම උත්සහා කළා. අපට නැතිවෙන්න දෙයක් තිබුණේ නෑ. අපට ඕනෑ වුණේ ජයග්‍රහණය පමණයි. ඒ බව වටහාගෙන අපේ තරුණ ක්‍රීඩකයෝ නිදහසේ ක්‍රීඩා කළා.

 

“මා දන්නේ නෑ කණ්ඩායමට මාව කාලයක් යනතුරු තෝරා නොගත්තේ ඇයි කියලා. මට ලැබුණු හැම අවස්ථාවේම මා හොඳින් ක්‍රීඩා කළා. හැම දෙයකටම නිවැරදි වේලාව එන්න ඕනේ. ඒ තැන ලැබෙන කල් කළබල වෙන්න හොඳ නෑ. කාටවත් දොස් නගන්න හොඳත් නෑ. මේ ඔක්කොම අපට දෙවියෝ දෙන දේවල්. ඒක මිනිසුන් වුණාම තේරුම්ගෙන කටයුතු කළොත් සතුටින් කටයුතු කරන්න පුලුවන්. ‍ හොඳ දවස් එන්නත් පුලුවන්. නරක දවස් තියෙන්නත් පුලුවන්. පසු තැවෙන්න හොඳ නෑ“

 

“ මා කැමැති නෑ විස්සයි 20 විතරක් ලේබල් වෙනවට. ටෙස්ට්, එක්දින හා විස්සයි 20 ඕනෑම තරග රටාවක මට යමක් කරන්න පුලුවන්. එකම බලාපොරොත්තුව අංශ තුනෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරලා ලැබෙන අවස්ථාවේ යුතුකම් කරන්නයි“ භානුක රාජපක්ෂ පැවැසීය.

 

Scroll to Top