Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු කම්කරුවන් ඩයගම ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂනයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ මැද කොටසේ ගිනිගෙන විනාශ වු වතු නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිරිකරදෙන ලෙස ඉල්ලා ගිනිගත් වතු නිවාස 20 කට අයත් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් සහ එම පවුල්වලට සහයෝගය දක්වන එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එක්ව  හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට අද (9) උද්ඝෝෂනයක් නිරත වි සිටියි.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 29 දින විදුලි කාන්දු විමක් හේතුවෙන් හටගත් ගින්නකින් එම වතු යායේ වතු නිවාස 20 ක් ගිනිගෙන විනාශ විය.

ගින්නෙන් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් 105 දෙනෙක් වතු පාලන අධිකාරිය මගින් එම වතුයායේම ක්‍රිඩාංගණයේ ඉදි කල කුඩාරම් වල තාවකාලිකව පදිංචි කරවිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් තම දු දරුවන් සමග කුඩරම් වල ජිවත් විමට නොහැකි බවත්, එම නිවාස වලට පිවිසෙන විසකුරු සර්පයන්ගෙන් තම ජිවිත වලට අවධානමක් පවතින බවත්, වැසි දින වලදි තම නිවාස වලට ජලය කාන්දු විම නිසා විවිධ දුෂ්කරතා මධ්‍යයේ තමන් එම කුඩාරම් වල ජිවත් වන බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි අවතැන්වුවන් කියා සිටියේ.

ගිනිගත් නිවාස අලුතින් රජය මගින් ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් සුදුසු ඉඩමක් ලබා නොදිම නිසා නිවාස ඉදි කිරිම ප්‍රමාද වි ඇති බව ද උද්ඝෝෂනයේ නියැලි පිරිස කියා සිටියි.

අවතැන් වු පවුල් වල සමාජිකයන් ඉකුත් 7 දින හැටන් ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂනයකද නිරත විය.

Scroll to Top