දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් දින 12 තිස්සේ වැටුප් විෂමතාවයක් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පැවැත් වු වෘත්තිය සමිති ක්රියාමාර්ගය ඊයේ (07) පසව්රුවේ අවසන් කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (08) උදැසන සිට ආරම්භ කර ඇත.
හැටන් දුම්රිය ස්ථානයේ දින 12 තිස්සේ ගාල් කර තිබු දුම්රිය මැදිරි කිහිපයක් අද උදැසන දුම්රිය එන්ජිමක් සහිතව මහනුවර දක්වා ධාවනය කර ඇති අතර නාවලපිටිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්රවාහන දුම්රියක් අද (08) ධාවනයට එක් කර තිබුණා.
දින 12 තිස්සේ පාළුවට ගොස් තිබු හැටන් දුම්රිය ස්ථානයේ අද සිට සිට යලිත් යථා තත්වයට පත් වි තිබුණි.
බදුල්ල දුම්රිය ස්ථානයේ දින 12 තිස්සේ ගාල් කර තිබු උඩරට මැණිකේ , පොඩි මැණිකේ ඇතුළු දුම්රියන් පහක් අද උදැසන සිට ධාවනයට එක් කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.