ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇත.
දැඩි වර්ෂාවත් සමග පාර්ලිමේන්තු භූමිය යටවීමේ අවදානමක් ද මතුවූ තිබූ අතර එම ස්ථානය තෙතබරිත ගතියකින්ද යුතු විය. මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇත.
මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්රීවරුන්ගේ ප්රවේශ දොරටුව දෙසට වන්නටයි.
නාය ගිය කොටස යළි සකස් කිරීමට කිරීමේ කටයුතු ඉදිරි දිනවල සිදු කරනු ඇති බව වාර්තා වෙයි