Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී  පැවති දෙවැනි විස්සයි20  ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව දෙරට අතර තරග 3 කින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

මෙහිදී ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන පාකිස්තානය එම සටහනේ 8 වන ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකාව හමුවේ පරාජයවීම විශේෂත්වයක්.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 182ක් ලබා ගත්තේය.භානුක රාජපක්ෂ ලකුණු 77ක් ලබා ගත් අතර ශේහාන් ජයසූරිය ලකුණු 34යි.

පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 147 ක් පමණයි. නුවන් ප‍්‍රදීප් ලකුණු 25 කට බිද හෙළු කඩුළු  4 කුත්  වනිදු හසරංග කඩුළු 3 ක් සහ ඉසුරු උදාන කඩුළු 2 ක් ද දවා ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ භානුක රාජපක්‍ෂයි.

 

Scroll to Top