සංචාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරගාවලියේ දෙවෙනි තරඟයෙන් ලකුණු 35ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
පාකිස්තාන් ක්‍රීඩකයන්ගෙන් දැවැන්ත තර්ජනයක් එල්ල වුවත් ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයින් නොමැතිව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු කෝඩුකාර ශ්‍රී ලංකා පිල ඉතා පහසු ලෙස ජය වාර්තා කිරීමට සමත්විය.
තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ලකුණු 147 කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සහ වනිඳු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් අත්විය.
මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64 ක අති විශිෂ්ට ජයක් වාර්තා කළේය.
ශී‍්‍ර ලංකා – පාකිස්තාන අවසන් විස්සයි 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී හෙට (09) පැවැත්වීමට නියමිතයි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, භානුක රත්නායක, මිනෝද් භානුක, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, කසුන් රාජිත සහ නුවන් ප්‍රදීප්
සබෑදි පුවත්
– ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්