අද උදෑසන 9 සිට උදෑසන 11 දක්වා පැය දෙකක කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද සිදුකෙරෙයි.
සියලුම අපේක්ෂකයින්ට අදාළ කාලය තුළ නාමයෝජනා භාරදීමේ හැකියාව ඇති අතර භාරදෙන නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දැක්වීම සදහා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.