සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර ලාහෝර් නුවරදී පැවැත්වු පළමු 20යි 20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දෙවෙනපෙළ ශ්‍රී ලංකා පිලට හැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය.පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කළ ධනුෂ්ක ගුණතිලක (57) ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
මංගල විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූ භානුක රාජපක්ෂ පන්දු 22 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 101කි.
නුවන් ප්‍රදීප් ලකුණු 21 කට කඩුලු 3 ක්ද, ඉසුරු උදාන ලකුණු 11 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියේය.
මිළඟ තරගය ලබන (7)වෙනිදා මෙරට වේලාවේ රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට නියමිතයි.