Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ විසිර යාමේ උත්සවය 

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථක හැදෑරූ නිලධාරීන් විසිර යාමේ උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවැත්විණි.

කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථක හැදෑරූ ආධුනික පොලිස් පරීක්ෂකවරුන් 50ක්, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 183ක්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 41 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 274 දෙනෙකු මෙහිදී විසිර ගියහ.

ප්‍රථමයෙන් පුහුණු පාසලේ යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව එම පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ රසායනික, ජෛව විද්‍යාත්මක, විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය  ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ද විවෘත කිරීමට එක්විය.

දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් මෙම උළෙල වර්ණවත් කෙරිණි.

එමෙන්ම එම පුහුණුව සාර්ථකව නිමකිරීමේ විශිෂ්ටයින් 06 දෙනෙකු වෙත සම්මාන ප්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

Scroll to Top