ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (5) ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර විස්සයි විස්ස තරග 18ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක් ශ්‍රී ලංකාව ද තරග 13ක ජය පාකිස්තානයද ජය හිමි කර ගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම අද ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ප්‍රේක්ෂකයින්ට ජයග්‍රාහි බාලාපොරොත්තුවක් ඉටුකර දීමට බව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානක පවසයි.
විස්සයි20 කණ්ඩායම ගැන කථා කළොත් ධනුස්ක ගුණතිලක සහ අවිෂ්ක ප්‍රනාන්දු ගැන මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දෙපළ වැඩි ඕවර සංඛ්‍යාවක් ක්‍රීඩා කළ යුතුයි යැයි ද වැඩිදුරටත් පැවසීය.
තරගාවලියේ විස්සයි20 තරග තුන ඔක්තෝබර් මස 5, 7 සහ 9 දිනවල ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, මිනෝද් භානුක, ළහිරු මධුසංඛ, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ළහිරු කුමාර