නිවාඩු අවලංගුයි; වහාම සේවයට වාර්තා කරන්න.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ඊයේ රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ නිසා සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
සේවකයින් වහාම සේවයට වාර්තා කළ යුතු බවද සාමාන්‍යාධිකාරි පවසයි.
වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා අධීක්ෂණ නිලධාරින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට අදට දින 09කි .