දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වර්ජකයන් සේවයෙන් පහකර ඇති බවට ඉදිරිපත් කළ ලිපිය රාජකාරී ලිපිගොනුවලට ගිය බැවින් මින් ඉදිරියට දුම්රිය ධාවනයට සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගත නොහැකියි. මෙසේ යොමු කළ ලිපිය රජයේ ආයතන සියල්ලටම යන බැවින් සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ මෙයට විසඳුම් සෙවීමට විශාල කාලයක් යනු ඇත. එම නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගත් නියෝගය ඉවත්කර ඒ අනුව ගත් ක්‍රියාමාර්ග අයින් කර ගන්නේ නම් අපට සේවයට පැමිණිය හැකියි. එසේ නොමැති නම් වර්ජනයට සහභගී වූ තුන්දහසක පමණ පිරිසකට දුම්රිය සේවාවට වාර්තා කළ නොහැක.
දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් වර්ජනයේ නිරත වූවද සාමාන්‍යාධිකාරි ඩිලන්න ප්‍රනාන්දු මහතා ගත් නියෝගය ඉවත්කර ගන්නා තුරු යළි සේවා ස්ථානවලට යාමට පවා පුළුවන් කමක් නැහැ. 2018 කැබිනට් අනුමැතිය අනුව වැටුප් වැඩිකිරීම කරනවා කීවා නම් සේවයට එනවා. මෙහි සංශෝධනවලට අනුව කිවාත් ඒත් අපට ප්‍රශ්නයක් නැහැ.
එසේ නොමැති නම් අපිට අභියාචනා ලියන්න වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුව සංවෘත දෙපාර්තුමෙන්තුවක් බවට පත්කිරීම සඳහා රජය අනුමත කළේ නම් එම සංවෘත වැටුප් තලවලට වර්ජකයන්ගේ වැටුප් ප්‍රමාණයන් ඉදිරිපත්කොට ඒ අනුව වැටුප් තල සකස් කළේ නම්, එය මේ වනවිටත් සාදා අවසන් විය යුතුයි.
ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් , මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ වැටුප් කොමිසමට ගොස් සාකච්ඡාවක් පැවැත්වීය යුතුය.
එසේ කළේ නම් දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කොට වැටුප් තලවල ප්‍රමාණය, කාර්යභාරය ආදිය සඳහන් කළ යුතුයි. ඒ අතරේ ගැටලුවක් ආවොත් වෘත්තිය සමිතිද සම්බන්ධ කළ හැකියි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සංවෘත සේවාව යටත් වැටුප් හදන බවටත්, සේවයෙන් පහ කළ ලිපිය ඉවත්කර ගන්නේ නම් වර්ජනය අතහැර වර්ජකයන් සේවයට වාර්තා කරන බව ඉන්දික දොඩන්ගොඩ මහතා ප්‍රකාශ කරයි.