හැටන් නගරයේ රෙදි පිලි වෙලදසැලක හටගත් ගින්නකින් එම වෙළදසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
හැටන් ඩන්බාර් විදියේ රෙදි පිලි වෙළදසැලකයි මෙම ගින්න හටගෙන තිබුණේ.
ඊයේ (3) රාත්රි 10 ට පමණ එම වෙළදසැලේ උඩු මහලින් දුමාරයක් හටගෙන ඇති බව දුටු හැටන් නගරයේ වෙළෙන්දෙකු එ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එක් ව වෙළදසැල කඩා ඇතුලට පිවිස පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට සමත් වි ඇත.
පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට ගිය එක් අයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය සැකකරන්නේ.
ගින්නෙන් එම වෙළදසැලේ අලෙවි කිරිමට තිබු රෙදි පිලි විශාල ප්රමාණයක් විනාශ වි ඇති අතර, ගින්නෙන් සිදු වු අලාභය තක්සේරු කර නොමැත.
ගින්න පිළිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.