මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම කැපී පෙනෙන ඉහළ යාමක් මේ වසරේ වාර්තා වන බව පවසයි.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවද සදහන් කරයි.