මිනිසාට මෙන්ම තිරිසනාටද මූලික අවශ්‍යතා කීපයක් ඇත. කුසගින්න පිපාසය, නින්ද. පරපුර පවත්වාගෙන යාම, එක්ව හැසිරිමේ කැමැත්ත, ආදරය , කරුණාව, නිදහස, සටන් කිරිම, දුක වේදනාව අදි මේ සියල්ල කාටත් පොදුය. එහෙත් මේ පිළිබද අදහස් ප්‍රකාශ කිරිමට කතා කිරිමට තිරිසනාට හැකියාවක් නැත. කතා කල නොහැකි මිනිසා ගොලු බසින් හො ඉගියෙන් එසෙත් නැතිනම් ලියා හෝ අදහස් ප්‍රකාශ කලත් තිරිසනාට ඇත්තේ ඉන් කුමන විකල්පයක්ද?
කොතැනක හෝ ස්ථීර නිවහනක් නැතිව වනගතව හෝ හෝ මගමග හෝ එසෙත් නැතිනම් අගුපිලක වැනි තැනක හෝ කායික සන්තර්පනයෙන් ලත් ප්‍රතිඵලයක් මත උපත ලබන තිරිසන් සතුන් බොහෝ විට ඇති දැඩි කරනු ලබන්නේ සොබාදහම විසින් ඉබාගාතේ හරිමිනි. නිවසක ඇතිදැඩි කරන සුනඛයෙකු වුවද ආහාර පානාදියෙන් සංග්‍රහ ලැබුවොත්, රාත්‍රී කාලයේ නිදිවාරාගෙන ගෙයින් පිටත හාම්පුතාලා සැප යහනේ සැතපෙද්දි, පින්නෙන් හෝ වැස්සෙන් පීඩාවට පත්වෙමින් සමහරවිට කිසිවෙකුගේ උදව්වකින් තොරව තනිවම සොරසතුරන්ගේ මරණීය අවස්තාවන්ට මුහුණ දෙමින් නිවස් රැකවගෙහි යෙදෙනවා ඇත. වනගතව වෙසෙන සතුන් තමන්හට රිසි ආහාරයක් ලද හොත් පමණක් ඉන් සෑහීමකට පත් වෙතත් බොහෝ කොටම බලවත් සතෙකුගේ ගොදුරක් වනවා ඇත. එසෙත් නැතිනම් දඩයක්කරුගේ වෙඩි පහරකට ලක්වීමට ඉඩ ඇත. මෙරට වටනා වන සත්තව සම්පතක් වන අලි පරපුරට දැන් උදා වි ඇත්තේ මෙම ඉරණමයි.
මිනිසා සමග හැදෙන වැඩෙන ගෘහශ්රීත සතුන් ඔවුන්ගේ බැල මෙහෙවරකම් සදහාත් , අලංකාරය සදහාත් පමණක් නොව මස් සදහා ද වෙන් කරගෙන ඇත. මේ අතින් ඉතාමත් අභග්‍ය සම්පන්නයා ගවයාය.මසට ඇති කරන සතුන්ගේ මස් අනුභව කරන මිනිසා කල්පනා නොකරන එක් දෙයක් ඇත. එනම්, මිනිසා මෙන්ම ඕනෑම සත්වයකු මළ විට එය කුණු අනුභව කරන්නේදතිරිසන් සතුන්ය. මීට අමතරව යක්ෂ රාක්ෂාදින් විසින්ද මෙසේ අනුබව කැර ඇති බව වෘතාන්තවල දැක්වේ. පොදු පිළිගැනීම් නම් මසු අනුභව කරන අයට රෝගාබාධ බහුලව වැළදෙන බවත් ඔවුන් මුදු මොළක් ගති ගුණවලින් තොර රළු ස්වභාවයක් ගන්නා බවත්ය.
ආගමික ඉගැන්වීම් අනුව මාංශ වැළදීම් සත්ව ඝාතනයට අනුබලයක් බැවින් එහි ප්‍රතිවිපාක වශයෙන් ආයුශ හීනවේ. කොයිහැටියෙන් නමුත් මියගිය සතුන් අනුභව කිරිම මිනිසා යොදාගෙන ඇති උපක්‍රම නම් ඒවා දිව පිනවන ආකාරයට රස ගන්වා සකසා ගැනීමයි. එයද මිනිසා තිරිසනාගෙන් වෙන්ව තබා ගැනිමේ ශිෂ්ට සම්පන්න උපායකි.
තම ජිවිත පරිත්‍යාගයෙන් පවා මුහුණ පෑමට සිදුවන බිහිසුණු අකාරුණික අවස්ථා කියාපෑමට හෝ සාධාරණත්වය ඉල්ලා කරුණු ඉදිරිපත් කිරිමට සහනයක් ලබා ගැනීමට ක්‍රමයක් නැත. ඇත්තෙන්ම මේ නිසා තිරිසණුන් අසරණය. තමා සමග සටනක් ඇති වු විටක ප්‍රතිවාදියා කවරකු වුවත් සටන් කරන්නේ අවි ආයුධ වලින් නොවේ. සටන කෙළවර වනුයේ කාගේ හෝ ජිවිත පරිත්‍යාගයෙනි. ඒ කාටත් ඇති මරණ භ්‍ය පෙරදැරි කරගෙන ආත්මආරඣෂාව සදහා කරන සටනක් බැවිණි.
වර්තමාන සමාජය කැලෑ එළිපෙහෙලි කිරිමෙන් මිනිස් ලොකය ශිඝ්‍රලෙස දියුණු වෙමින් පවති. එවිට කැලෑවේ වසන තිරිසනාට තැනැක් වේ. ආහාර හිගවේ. කැලෑවත්,සතුනුත් දෙකම වදවීමෙන් පරිසරය විනාශ කර මිනිසා තමන්ගේ විනාශය ද වහා වහා ළංකර ගනී. මස් පිණිස දඩමයම් කිරිමෙන් පරිසර හානියක් නිසා වදවී යන විවිධ සත්ව කොටස් ස්වභාවධර්මයාගේ සමතුලතතාව බිදලීමට සමත්වේ.
තිරිසන් සතුන්ගේ දුක්ඛිත තත්වය අද මෙන්ම එදා අතිතයේත් පැවතිණි. මේ පිළිබද යථා ස්වරෑපය දැක ඒ ගැන මහත් ඕනෑකමකින් කටයුතු කළ කෙනෙක් ක්‍රී.ව. 1182 දී පහළ විය. ඉතාලියේ අසිසි නුවර උපන් කුඩා සහෝදරවරුන්ගේ සමාගම නමින් ආගමික නිකායක් බිහිකල ශුද්ධ වු ප්රැන්සිස්කුතුමා සියලු සතුන් ගැන මහත් අනුකම්පාවෙන් කටයුතු කළහ. තම ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගත කර ඇත්තේ සත්ව කරැණාව පෙරදැරි කොටගෙනය.එතුමා සත්ව ලෝකය ආරක්ෂා කිරිමට මහත් වෙහෙසක් දැරිය.
මෙම ආදර්ශය පිළිපදිමින් එතුමා මිය ගිය දිනය වන 1226 ඔක්තෝබර් 04 දා සිහිපත් කොට ඊළග අවුරුද්දේ ඔක්තෝබර් 04 දා සිහිපත් කොට ඊළග අවුරුද්දේ ඔක්තෝබර් 04 ඉතාලියේ අසිසි නුවර ප්‍රථම වරට සත්ව දිනයක් පවත්වන ලදී. එතැන් පටන් මේ දක්වා සෑම වසරකම ඔක්තෝබර් 04 දිනට ලෝකය පුරා ලෝක සත්ව දිනය පවත්වනු ලැබේ.
මෙවන් දිනයකදීවත් මාංශ භක්ෂණයට ඇබ්බැහි වූවකු හුදු සත්ත්ව කරුණාවෙන් තමන් අනුභවය සදහා අතට ගත් මස් පිඩ මේ අනුභව කරන්නට සුදානම් වන්නේ ජිවත්ව සිටි අසවල් සතාගේ මස්නොවෑයැයි සිතා පිළිකුල් කොට ඉවතලිය හැකි නම් එයම මෙම දිනය සැමරීමට ප්‍රමාණවත් වේ. එසේම කුසගින්නේ අහාරක් සොයා කුනු බාල්දි අවුස්සමින් මහමග යන කිසියම් සතකුට ආහාර වේලක් මෙම දිනයේදිවත් දෙන්නේ නම් එයද අපමණ පුණ්‍ය කර්මයක් වනු නිසැකයි.