දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවති.දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.