උතුරු කොරියාව හා අමෙරිකාව අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක උතුරු කොරියාව සබ්මැරීනයක් මගින් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව කියයි.
වොන්සාන් වරායේ සිට එල්ල කර ඇති මිසයිලය කිලෝමීටර් 450ක් දුර ගමන් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුව දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමටත් එම හමුව ඉවහල් වනු ඇති බවට බලධාරීන් පවසයි.