සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ කරච්චි ජාතික ක්රීඩාංගණයේදී පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. ශ්රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක්රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට පාකිස්තානු ක්රීඩකයෝ සමත් විය.
ශ්රී ලංකා කන්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 297 ක් ලබා ගත්තේය. පකිස්තාන කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 299 ක් ලබා පහසු ජයක් ලැබීය.
එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 කුත් දසුන් ශානක පන්දු 24 කින් ලකුණු 43 ක් ලබා ගෙන නුවන් ප්රදීප් ලකුණු 53කට කඩුළු 2ක් දවා ගනිමින් දෙවන පෙළ ක්රීඩකයෝ තරඟයක් දීමට සමත්විම කැපි පෙනිණ.
පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය ලබන 5 වෙනිදා සවස 7.00ට ආරම්භ වීමට නියමිතයි.