Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නාවික හමුදාව විසින්  ත්‍රිකුණාමලය,කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කුච්චවේලි වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද   සෝදිසි කිරිමකදි වෙරළට ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු බෝයාවක් නිරික්ෂනය කොට එය පරික්ෂා කිරිමේදි එහි සුරක්ෂිතව අසුරා තිබු විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, ආරක‍්‍ෂිත වෙඩි නූල් 04 ක් සහ  පුපුරණ  ද්‍රව්‍ය යැයි සැකකරන  ග්‍රෑම් 60 ක  ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.

Scroll to Top