2019 සිරි දළදා යල් අස්වනු මංගල්‍යය මහනුවර ශ්‍රී දළදා මන්දිරය අභීයස නුවර වැල් බෝධිය අසළ දී මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් අද(2) සහ හෙට(3) සවස 04.00ට සහල් පාත්‍ර පිරිවීමේ චාරිත්‍රය ආරම්භ වේ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා පසුව අලුත් සහල් ධාන්‍ය සහ රන් කරල් රැගත් පෙරහැරෙන් පැමිණ දළදා සමිදුන් ඉදිරියේ දී සෙත් පිරිත් සඡ්ජායනය මැද අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
යල් කන්නයේ නෙලාගත් අස්වැන්නෙහි අගඵලය දන්ත දාතුන් වහන්සේට පිළිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වේ.